Cooperative ownership and direct democratic representation / සමූපකාර හිමිකාරිත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම
Ownership, shared benefits, and direct democratic participation / බැංකුවේ හිමිකාරිත්වය සහ ප්‍රජා සහභාගීත්වය
Unlike commercial banks, Sundaragama Sanasa is owned by its members. Joining our society means you are not just a customer, but an equal stakeholder in our cooperative.
By joining, you help keep financial assets within the Sundaragama community, funding local farms, houses, and businesses.
සාමාන්‍ය වාණිජ බැංකු මෙන් නොව, සුන්දරගම සණස බැංකුවේ හිමිකාරිත්වය හිමිවන්නේ සාමාජික ජනතාවටමය. අප හා සම්බන්ධ වීමෙන් ඔබ ගනුදෙනුකරුවෙකු පමණක් නොව, එහි කොටස්කරුවෙකු ද වේ.
ඔබ ලබාගන්නා සාමාජිකත්වය මඟින් අප ගමේ මූල්‍ය ශක්තිය ගම තුළම රඳවා ගනිමින්, ගමේ සංවර්ධනයට දායක විය හැක.
Decentralized management that distributes decision-making authority / පුළුල් බලතල බෙදීමක් සහිත විමධ්‍යගත පාලන ක්‍රමය
Sundaragama Sanasa operates across local Grama Niladhari divisions (zones) in the Wariyapola division. To ensure maximum representation and democratic power, these areas are divided geographically.
Each zone runs its own Zonal Council (කලාපීය සභාව). This ensures that every neighborhood has a direct say in our cooperative's investments, loan reviews, and community welfare outreach, achieving a highly decentralized power structure.
අප සමිතිය වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක පුළුල්ව ක්‍රියාත්මක වේ. සාමාජිකයින්ගේ පහසුව හා නියෝජනය තහවුරු කිරීමට භූගෝලීය පදනම මත කලාප වෙන් කර ඇත.
මෙම කලාපයන් කලාපීය සභා ක්‍රමයක් මත ක්‍රියාත්මක වේ. මේ මඟින් මධ්‍යගත පාලනය වෙනුවට සාමාජිකයින් අතර පුළුල් බලතල බෙදා හැරීමක් සිදුවී ඇති අතර, තීරණ ගැනීමේදී ගම්මට්ටමේ සාමාජික සහභාගීත්වය උපරිමයෙන් ලැබේ.
Full operations across administrative Grama Niladhari areas in Wariyapola divisional secretariat.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සාමාජිකයින් සම්බන්ධීකරණය.
Zones established to cluster neighborhoods for localized banking reach and meeting spaces.
භූගෝලීය පදනම මත පිහිටුවා ඇති කලාපීය නියෝජනය.
Locally elected councils in each zone managing localized member proposals, savings circles, and loan reviews.
කලාපීය සභා මඟින් පුළුල් බලතල බෙදීම සහ පාලනය.
Joining Sundaragama Sanasa is simple. You can visit our main office in Sundaragama to obtain the membership application form, or discuss with your local Zonal Representative.
Please bring a copy of your National Identity Card (NIC), proof of residency, and the initial minimum deposit to open your member share account.
සුන්දරගම සණස බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීම සරල ය. ඔබට සුන්දරගම පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අයදුම්පත ලබාගත හැක, නැතහොත් ඔබේ ප්‍රදේශයේ කලාපීය සභා නියෝජිතයා සම්බන්ධ කරගන්න.
අයදුම් කිරීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක්, පදිංචිය තහවුරු කිරීමේ ලේඛනයක් සහ මූලික කොටස් මුදල රැගෙන ඒමට කාරුණික වන්න.